පුටින්ගේ උපන් දිනය දා විරෝධතා



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ 65 වැනි ජන්ම දිනය ඊයේ (ඔක්තෝබර් 7 වැනිදා) ට යෙදී තිබුණු අතර ඊට සමගාමීව, මොස්කව් ඇතුළු ප්‍රධාන නගර 80 ක විරෝධතා රැළි පැවැත්විණි.

විරෝධතා පැවැත් වූයේ අත්අඩංගුවේ පසුවන විපක්ෂ නායක ඇලෙක්සි නවල්නීගේ ආධාරකරුවන්ය. සාමකාමී අයුරින් පැවැත්වුණු විරෝධතා රැළිවලට පොලිසිය හරස් විය. විපක්ෂ ක්‍රියාකාරීහු 270 කට වැඩි පිරිස් පොලිස් අත්අඩංගුවට පත් වූහ.

ප්‍රධාන විරෝධතා රැලිය පැවැත් වූයේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. පොලිසිය විරෝධතාකරුවන්ට හරස් වීමත් සමඟ දරුණු ගැටුම් ඇවිළී ගියේය. මොස්කව් නුවර පැවැති විරෝධතා රැලිය අතරේ ද ගැටුම් හටගත් බව වාර්තා විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS