පිලිපීනයේ භූමි කම්පාවක්



දකුණුදිග පිලිපීනයේ ඩවාවෝ ප්‍රාන්තයේ පසුගිය 8 වැනිදා ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. එය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙස සටහන් විය.

භූමි කම්පාව සිදුවූයේ පිලිපීන වේලාවෙන් සවස 3.15 ට පමණ යැයි ද පැවැසෙයි. භූමි කම්පාවෙන් දේපල හානි සිදුවුවත්, ජීවිත හානි කිසිවක් සිදු නොවුණු බව වාර්තා වේ.

මේ අතර, සුළි කුණාටුවෙන් බැට කෑමෙන් පසු, ජපාපනය කැලඹූ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය ගණන 30 දක්වා ඉහළ ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. ජපානයට බලපෑවේ රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS