පිලිපීන අයි.එස්. සැකකරුවෝ කුවේට් අත්අඩංගුවේ



පිලිපීන අයි.එස් ත්‍රස්තයින් සමග සම්බන්ධතා පැවැත්වු කුවේට් ජාතිකයින් 6 දෙනෙකු පසුගියාදා කුවේට් පොලීසිය මගින් අත්අඩංගවට ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

සාඩ් අල්-අබ්දුල්ලා දිස්ත්‍රිකයේ අල්-ජරා නගරයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් පසු සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවු බව කුවේට් පොලීසිය ප්‍රකාශ කලේය.

අයි.එස් ත්‍රස්තයින් සමග සම්බන්ධතාවයන්පවත්වා ඇතැයි සැකපිට අත්අඩංගුවට ගත් හසේන් අල්- ධපිරි සහ ඔහුගේ සිරියානු බිරිඳ වන මාස පහක ගැබිණියක් වන රාහෆ් සීනා පිලිපීන ආරක්ෂක අංශ පසුගියදා අත්අඩංගුවට ගත්තේය.

පිලිපීන ආරක්ෂක අංශ කුවේට් ජාතිකයින් අත්අඩංගුවට ගැනීම නිවේදනය කිරීමෙන් පසු කුවේට ආරක්ෂක අංශඅත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ තොරතුරු මත වැටලීම් මාලාවක් දියත්කරන ලදී.

කුවේට් ආරක්ෂක අංශ දියත් කරන ලද වැටලීම් වලදී පුපුරන ද්‍රව්‍ය විශේෂඥයින් ධපිරිගේ සහෝදරයාගේ සහ බෑනාගේ නිවෙස් වල තිබි පුපුරණ ද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රොනික් උපාංග සොයාගැනීමට හැකිවී ඇති බව කුවේට් පොලීසිය ප්‍රකාශ කලේය. 

අත්අඩංගුවේ සිටින හසේන් අල්- ධපිරිගේ පරීක්ෂණ කටයුතු වලට සහයදීම සඳහා කුවේට් ආරක්ෂක අංශ නියෝජිතවරයෙකු මැනිලා නුවරටපිටත්කර යවා ඇති අතර එම නියෝජිතයා පිලිපීන බලධාරීන් සමග සාකච්ඡා කොට සැකකරුවන් කුවේට් රාජ්‍යට ගෙනවිත් නීති මගින් ක්‍රියාකිරීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වේ. 

ජනක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔස්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS