පිලිඩෙල්පියා නුවර වෙඩි හුවමාරුවක්



ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්ෆියා නුවර පොලිස් නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවකු අතර පැය කීපයක් පුරා සිදුවුණු වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීහු දෙදෙනක් තුවාල ලැබූහ.

වෙඩි හුවමාරුව සිදුවූයේ ඇමෙරිකාවේ වේලාවෙන් සවස 4.20 ට පමණ පිලිඩෙල්පියා නුවර නයිස්ටවුන් ටියාගෝ පළාතේය. පොලිසිය වරන්තුවක් සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී, සැකකරු නිවසේ සැඟවී සිට පොලිසියට වෙඩි තැබීමට පටන් ගෙන ඇත. සාමාන්‍ය පොලිස් නිලධාරීන් වහා නිවස වට කළ නමුත්, ඇතුළට ගොස් සැකකරු අල්ලා ගැනීම කළ නොහැකි විය.

‘අවසානයේ ස්වොට්’ විශේෂ පොලිස්භට කණ්ඩාමක් පැමිණ නිවස වට කරමින් ඇතුළට කඩා වැදීමට සූදානම් වෙද්දී, සැකකරු පොලිසියට යටත් වී ඇත. වෙඩි වැදී තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා කඩිනමින් රෝහල්ගත කෙරුණි.

පිලිඩෙල්පියාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS