පැරිසියේ පිහි ප‍්‍රහාරයක්



ප‍්‍රංශයේ පැරිස් නුවර ඊයේ (9) රාති‍්‍රයේ සිදුවුණු පියි ප‍්‍රහාරයකින් පුද්ගලයෝ හත් දෙනෙක් තුවාල ලැබූහ.

එම හත් දෙනා අතර බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනකු සහ ඇමෙරිකන් ජාතිකයකු සිටින බව පැවැසෙයි. මොවුන් තිදෙනා පැරිසියට පැමිණ සිටි සංචාරකයන් යැයි ද වාර්තා වේ.

පිහි ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයා මෙල්ල කර ගනිමින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. ඔහු සංක‍්‍රමණිකයකු ලෙස ප‍්‍රංශයට පැමිණි ඇෆ්ගන් ජාතිකයකු බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. එම පුද්ගලයාගෙන් ප‍්‍රශ්න කිරීම් සිදු කෙරන බව ද වාර්තා වේ.

තුවාල ලබා රෝහල් ගත කළ හත් දෙනාගෙන් සිවු දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි. පිහි ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ රාතී‍්‍ර 11 ට පමණ යැයි ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS