පැරැදුණු අගමැති ගෙදරම යයි



පක්ෂ අභ්‍යන්තරයේ සිදුවුණු කුමන්ත‍්‍රණයකින් පරාජයට පත්වී, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයත්, අගමැති ධුරයත් අහිමි වුණු මැල්කම් ටර්න්බුල් පාර්ලිමේන්තු සාමාජිකත්වය ද අත්හැරීමට තීරණය කර ඇත.

මැල්කම් ටර්න්බුල්ට සිය ලිබරල් පක්ෂයෙන් අභියෝග කළ පිරිස අතරින් ස්කොට් මොරිසන්ට පක්ෂ නායකත්වය හිමිවිය. ඒ, ඉකුත් සිකුරාදා (24) පක්ෂ සාමාජිකයන් අතරේ පැවැත්වුණු ඡුන්ද විමසුමකින් පසුවය. 

ඕස්ටේ‍්‍රලියාවේ පාලක පක්ෂ නායකයාට අගමැති ධුරය හිමිවෙයි. ඒ අනුව,  ඕස්ටේ‍්‍රලියාවේ නව අගමැතිවරයා වූයේ 50 හැවිරිදි ස්කොට් මොරිසන්ය.

ටර්න්බුල් අගමැති ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් නෙරලා දැමීමෙන් පසු මධ්‍ය දක්ෂිණාංශික රජය අර්බුද රැුසකට මුහුණ දී සිටින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කඩිනමින් අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවී ඇති බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS