පැය දෙකක් ඇතුළත ට්විටර් පණිවුඩ 123 ක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම ඔස්සේ, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ටත්, ඇමෙරිකන් මාධ්‍ය ආයතනවලටත් දොස් නගමින්, පැය දෙකක් ඇතුළත ට්විටර් පණිවුඩ 123 ක් නිකුත් කර ඇති බවත්, එය නව වාර්තාවක් බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

ජනපති බලතල අනිසි ලෙස භාවිත කළැයි ජනපති ට්‍රම්ප්ට, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් විරෝධයක් එල්ල වී තිබේ. ඇමෙරිකා කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතා නායිකා නැන්සි පෙලොසි, චෝදනා දෙකක් යටතේ ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානමින් සිටී.

දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීම මෙම සතියේ සිදුවනු ඇත.

ජනපති ට්‍රම්ප් පවසන්නේ, තහන්ට ‘මඩ ගැසීමේ’ අරමුණ ඇතිව මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කෙරෙන බවය. ට්විටර් ගිණුම ඔස්සේ පැය දෙකක් ඇතුළත ට්විටර් පණිවුඩ 123 ක් නිකුත් කළේ ඩිමොක්‍රටික්වරුන්ට සහ දෝෂාභියෝගය සම්බන්ධයෙන් උඩගෙඩිදෙන මාධ්‍ය ආයතනවලට දොස් කියමිනි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS