පාසල් බසයක් දුම්රියක හැපෙයි



ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර් නුවර පාසල් දරුවන් රැගත් බස් රියක් ශීඝ්‍රගාමී දුම්රියක හැපීමෙන්, දරුවෝ 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

තුවාල ලැබූ අට දෙනකු රෝහල් ගත කෙරුණි. ඔවුන්ගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පැවැසීය. අනතුර සිදුවී ඇත්තේ බස් රියේ රියැදුරාගේ නොසැලකිල්ලෙන් යැයි පැවැසෙයි. ඔහු දුම්රිය පෙනි පෙනී දුම්රිය මාර්ගය පසු කිරීමට උත්සාහ ගත්තේ යැයි අනතුර දුටුවෝ පවසති.

බස් රියේ අවුරුදු 10 ට අඩු දරුවන් විසි පස් දෙනෙකු සිටි බව පොලිසිය කියයි. බස් රියේ රියැදුරා ද බරපතල තුවාල ලබා ඇති බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS