පාලමක් කඩා වැටේ



ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මියාමි නගරයේ පදිකයන් වෙනුවෙන් වෙන් කළ පාලමක් කඩා වැටීමෙන් දස දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. කිහිප දෙනෙක් තුවාල ලැබූහ.

පාලම ඉදි කර තිබුණේ ප්‍රධාන අධිවේගී මාර්ගයකට ඉහළිනි. පාලම කඩා වැටී ඇත්තේ මෝටර් රථ මතටය. මෝටර් රථ කිහිපයකට හානි සිදුවුණු බව ද පැවැසෙයි.

කොන්ක්‍රීට් තට්ටු සහ සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනීමට මියාමි පොලිසියට, ගිනි නිවස භටයන්ට සහ සහන සේවකයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ටොන් 950 ක් බරැති මෙම පාලම අඩි 174 ක් දිගින් යුක්ත යැයි ද පැවැසෙයි. පාලම ඉදිකර තිබෙන්නේ ෆ්ලොරීඩා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය අසලය. පාලම භාවිතා කරන බොහෝ දෙනා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS