පාප්තුමා - සූ කී හමුවෙති



සිවු දින නිල සංචාරයකට මියන්මාරයට පැමිණ සිටින සුද්දොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා නායිපායිදේව් අගනුවරදී මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී සහ එරට ජනාධිපති හිට්න් කෝව් හමුවිය.

හමුදා ගෞරව මැද පාප්තුමා ඉතා උණුසුම් මෙන්ම ගෞරවාන්විතව පිළිගැනීමට ජනපති හිට්න් කෝව් සහ නිල නොවන නායිකා සූ කී කටයුතු යොදා තිබුණි. හමුව පැවැතියේ පාප්තුමා ජනපති මන්දිරයට පැමිණි අවස්ථාවේදීය.

පාප්තුමන් සූ කී හමුවූයේ මියන්මාර ජනපති හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. අවස්ථා දෙකෙහිම පාප්තුමා රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් සුළු ජාතිකයන් සම්බන්ධයෙන් අවුන් සාන් සූ කී ට ජාත්‍යන්තරයෙන් දොස් අහන්න සිදුවී ඇත.  ජාත්‍යන්තරය චෝදනා කරන්නේ, මියන්මාර හමුදාව සහ රජය රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් සමූල ඝාතනය කරන බවටය. රොහින්ග්‍යා වැසියන් ජීවත් වන්නේ මියන්මාරයේ රකීන් නමැති පළාතේය. එම පළාත වෙනර රාජ්‍යයක් බවට පත් කර ගැනීමට ඔවුහු උත්සාහ ගනිති. අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය.

මරණ බියෙන් පලා යන රොහින්ග්‍යා මුස්ලිම්වැසියන් බලා යන්නේ අසල්වැසි බංග්ලාදේශයටය. මියන්මාර සංචාරයෙන් පසු පාප්තුමා බංග්ලාදේශය බලා යෑමට ද නියමිතය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS