පාප්තුමන්ට ඇරැයුමක්



උතුරු කොරියාවේ සංචාරයකට පැමිණෙන්නැයි ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ට ඇරැයුම් කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ලබන සතියේ වතිකානය බලා යෑමටත් පාප්තුමන් හමුවීමටත් නියමිතය.

එහිදී උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ඇරැයුම, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පාප්තුමන්ට ඉදිරිපත් කරනු ඇතැයි පැවැසෙයි. මීට පෙර කිසිදු පාප්තුමකු උතුරු කොරියාවේ සංචාරයක් සඳහා පැමිණ නැතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් මේවනවිට දකුණු කොරියාව සමඟත්, ඇමෙරිකාව සමඟත් යහපත් සබඳතා පවත්වයි. ඒ, සාමයට කැප වෙමිනි. ලෝකයට විවෘත වෙමින් ලෝකය සමඟ සම්බන්ධකම් පැවැත්වීමට කිම් ජොන් උන් කැමැත්තක් දක්වයි. උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණයක් කරන්නේ නම්, පැනැවූ සියලූ සම්බාධක ඉවත් කරන බව ඇමෙරිකාව පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS