පාකිස්තාන අගමැති ඉල්ලා අස්වෙයි



දූෂණ චෝදනාවලට වරදකරු වීමෙන් පසු, අගමැති ධුරයට නුසුදුසු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබූ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මීට සුළු මොහොතකට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

නවාස් ෂරීෆ් මීට පෙර අවස්ථා දෙකකදී පාකිස්තාන අගමැති ධුරය හොබවා ඇත. මෙය ඔහුගේ තෙවැනි ධුර කාලය විය.

1993 වසරේදී ද ඔහුට ධුරය අහිමි වූයේ අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධයෙන් පාකිස්තාන අධිකරණයක් හමුවේ වරදකරු වීමෙනි. 1999 වසරේ දී අගමැති ධුරයේ සිටියදී නවාස් ෂරීෆ්ට එය අහිමි වූයේ හමුදා කුමන්ත්‍රණයක් නිසාය.

බදු ගෙවීම් පැහැර හරිමින්, අගමැතිවරයාගේත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේත් විදෙස් සමාගම්වල මුදල් යෙදවූයේ යැයි චෝදනා එල්ල වූයේ 2015 වසරේ ‘පැනමා පත්‍රිකා හෙළිදරව්ව’ හරහාය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊට අදාල නඩුව විභාග කෙරුණු අතර, පස් පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිවක තීරණය කළේ නවාස් ෂරීෆ් වරදකරු බවත්, ඔහු අගමැති ධුරය හෙබවීමට සුදුසු නැති බවත්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS