ප්‍රහාරයට සම්බන්ධ කාටවත් සමාවක් නැහැ



තෙහෙරාන් අගනුවරට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ දයේෂ් හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තනවාදීන්ගෙන් පළිගන්නා බවත්, තහෙරාන් ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුට කිසිදු සමාවක් නොදෙන බවත් ඉරාන ඉස්ලාමීය විප්ලවීය බළකාය ප්‍රතිඥා දී ඇත.

රට වෙනුවෙන්, ජාතික ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන බව ද ඉස්ලාමීය විප්ලවීය බළකාය පවසා ඇතැයි ඉරාන පුවත් සේවා වාර්තා කර තිබේ.

ඉරානයේ තෙහෙරාන් අගනුවර ආරක්ෂාව තර කළ බවත්, මින් ඉදිරියට එවැනි ප්‍රහාර එල්ල වීමට ඉඩක් නොතබන බවත් ඉරාන ඉස්ලාමීය විප්ලවීය බළකාය වැඩිදුරටත් පවසා ඇත.

(ප්‍රෙස්ටීවී)

 


RECOMMEND POSTS