ප්‍රහාරය අල්කයිඩා බාර ගනී



අප්‍රිකා රාජ්‍යයක් වන බුර්කිනා ෆාසෝ රාජයයේ හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලට සහ ප්‍රංශ තානාපති කාර්යාලයට පසුගිය දා බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය.

ප්‍රහාරවලින් මියගිය ගණන 33 කි. තුවාල ලැබූ ගණන 80 ක් යැයි රෝහල් ආරංචි මාර්ග කියයි. ප්‍රහාර තමන් විසින් එල්ල කරනු ලැබූවක් බව අප්‍රිකාවේ ක්‍රියාත්මක අල් කයිඩා ත්‍රස්ත සංවිධානය කියයි.

එය ඉතා සැලැසුම්සහගතව එල්ල කළ ප්‍රහාරයක් බව බුර්කිනා ෆාසෝ ආරක්ෂක අංශ කියයි. ප්‍රහාරයට ත්‍රස්තවාදීන් අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ ඇත. ඔවුන් අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් ද සිටි බව පැවැසෙයි.

ප්‍රංශ තානාපති කාර්යාලයට එල්ල වුණු ප්‍රහාරයෙන්, තානාපති කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රංශ ජාතික ආරක්ෂක නිලධාරීහු 12 දෙනෙක් තුවාල ලැබූහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS