ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලඹෙයි



රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලැඹිණි.

භූමි කම්පාව හටගත්තේ ඉන්දුනීසියාව සහ නැගෙනහිර ටිමෝර් රාජ්‍ය අතර ගැඹුරු මුහුදු පතුලේය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 700 ක් ගැඹුරේ සටහන් වූ බව භූ විද්‍යාඥයෝ පසුව පැවැසූහ.

ජීවිත හානි සිදු නොවුණත් නිවාස රැසකට හානි සිදුවිණි. ඉන්දුනීසියා වැසියෝ ද මහත් බියට පත් වූහ. භූමි කම්පාවේ ප්‍රබලත්වය බාලි දූපතට දැනී ඇතැයි පැවැසෙයි. බාලි යනු සංචාරක ආකර්ශණයකි.

දිලිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS