ප්‍රංශ සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දමයි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද වැටුප් ඉහළ දමන්නැයි ප්‍රංශ සෞඛ්‍ය සේවකයන් දිගින් දිගටම කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් වැටුප් වැඩි කිරීමට ප්‍රංශ රජය එකඟත්වය පළ කළේය.

වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු වැටුප් වැඩි කිරීම සඳහා, ඇමෙරිකන් ඩොලර් බිලියන 9 ක මුදලක් වෙන් කර ඇතැයි ද ප්‍රංශ රජය වැඩිදුරටත් පවසා ඇත. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන යුරෝපා රාජ්‍යයක් වන්නේ ප්‍රංශයයි. ප්‍රංශයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 2,00,000 ඉක්මවා ගොස් ඇති අතර, මරණ වාර්තා වන්නේ 30,000 ක් ලෙසය.

වයිරස වසංගතය හමුවේ සමාජ දුරස්ථභාවය ගැන කිසිදු තැකීමක් නොකර සෞඛ්‍ය අංශ සාමාජික සාමාජිකායන් පසුගිය සති කීපයේ වීදි බැස විරෝධතා පවත්වන්න වූයේ වැටුප් වැඩි කරන්නැයි බරජයට බල කරමිනි. විරෝධතාකරුවන්ට පොලිසිය හරස්වීමෙන් විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ද ගත්තේය.

කෙසේ නමුත් අවසානයේ වෘත්තීය සංගම් සහ රජය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණු අතර, වැටුප් වැඩි කිරීමට ඒ අනුව එකඟත්වය පළ කෙරුණි. වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කළේ ප්‍රංශයේ නව අග්‍රාමාත්‍ය ජෝන් කැස්තෙක්ස්ගේ ද මැදිහත් වීමෙනි. මෙය ප්‍රංශ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවුණු ඓතිහාසික ‘පෙරැළියක්’ යැයි අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත.

පැරිසියේදීය (රොයිටර්)


RECOMMEND POSTS