ප්‍රංශ ජනපතිවරණය උණුසුම්: දෙවැනි වටය මැයි 7 වැනිදා



ප්‍රංශ ජනපතිවරණයේ පළමු වටයට සහභාගී වූ අපේක්ෂකයන් 11 දෙනා අතුරින් වැඩිම ඡන්ද ප්‍රතිශත හිමිකර ගනිමින් දෙවැනි වටයට ඉදිරිපත්වීමට සුදුසුකම් ලැබුවේ ස්වාධීන මධ්‍යගත අපේක්ෂක ඉමැනුවෙල් මැක්රොන් සහ අන්ත දක්ෂිණාංශික අපේක්ෂක මැරීන් ල පෙන්ය.

වත්මන් ජනපති ෆ්‍රන්සුවා ඕලන්ද්ගේ රජයේ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කර තිබේ. ඒ හැර 39 හැවිරිදි ඔහු දේශපාලනයට නවකයෙකි. ස්වාධීන පක්ෂයකින් මැක්රොන් ජනපතිවරණයට ඉදිරිපත් වූයේ ඕලන්ගේ පක්ෂයෙන් ඉවත් වෙමිනි.

ජනපතිවරණයේ පළමු වටයේ ඡන්ද සියයට 96 ක් ගණන් කර අවසන් වෙද්දී, මැක්රොන්ට සියයට 23 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවුණු අතර, අපේක්ෂිකා මැරීන් ල පෙන්ට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 21.4 ක ප්‍රතිශකයකි.

දේශපාලන විචාරකයන් අනාවැකි පළ කර ඇත්තේ, දෙවැනි වටයේ දී මැරීන් ල පෙන් අභිබවා ඉමැනුවෙල් මැක්රොන් ජයග්‍රහණය කරනු ඇතැයි කියාය.

ප්‍රංශ ජනපතිවරණයකට ඉදිරිපත් වුණු ලාබාලතම අපේක්ෂකයා වන්නේ ද මැක්රොන්ය. ඔහු ප්‍රංශ ජනපති ධුරයට පත්වුවහොත් එම ධුරයට පත්වන ලාබාලතම අපේක්ෂකයා ද වනු ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS