පස් සාම්පල ගේන්න චීන යානය සඳට යයි



සඳෙන් පස් සාම්පල ලබා ගැනීමේ අරමුණින්, චීනය අද (24) රොබෝ ගවේෂණ යානයක් සඳ බලා යැවීය. සඳෙන් පස් සාම්පල ලබා ගැනීමට, පෘථිවි යානයක් සඳ බලා යැවුණේ වසර 40 කට පසුව යැයි පැවැසෙයි.

චීනය සඳ බලා යැව්වේ, ‘චැංග් ඊ 5’ නමැති රොබෝ යානයයි. යානය පෘථිවි කක්ෂයට රැගෙන ගියේ ‘ලෝන්ග් මාර්ච්’ නමැති අති ප්‍රබල රොකට්ටුවය. පෘථිවි කක්ෂයට මුදා හැරීමෙන් පසු ‘චැංග් ඊ 5’ රොබෝ යානය පෘථිවයේ ගුරුත්ව බලය යොදා ගනිමින් සඳ බලා ගමන් කරනු ඇත.

සඳුගේ කක්ෂයට පිවිසීමෙන් පසු ‘චැංග් ඊ 5’ යානයට අයත් කුඩා මවු යානය සඳ මතුපිටට ගොඩබසින අතර, පස් සාම්පල එක් රැස් කර ගැනීම ඒ අනුව සිදු කෙරේ. කුඩා යානය ඉන්පසු කක්ෂයේ රැඳවූ මවු යානය සමඟ සම්බන්ධ වී, ආපසු පෘථිවිය බලා පැමිණීමට නියමිතය.

මෙහෙයුම සාර්ථක වුවහොත් සඳෙන්පස් සාම්පල රැගෙන එය තෙවැනි රට වනු ඇත්තේ චීනයයි. ඒ, ඇමෙරිකාවට සහ සෝවියට් දේශයයට පසුවය.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS