පද්මාවත්ට තහංචි දාන්න බෑ



සංශෝධන ද සහිතව, ‘පද්මාවත්’ යන නමින් ලබන ජනවාරි 25 වැනිදා සිට තිරගත වීමට නියමිත ‘පද්මාවතී’ ආන්දෝලනාත්මක චිත්‍රපටයට ප්‍රදර්ශනය තහනම් කිරීමට ප්‍රාන්ත අධිකරණවලට කිසිදු බලයක් නැතැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

‘පද්මාවත්’ වුණු ‘පද්මාවතී’ චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කරන්නැයි ඉල්ලා ඇත්තේ රාජස්ථාන, ගුජරාඨ, හර්යානා සහ මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්ත බව ද පැවැසෙයි. එම ප්‍රාන්ත බලධාරීන් ‘පද්මාවත්’ චිත්‍රපටයට මෙසේ විරෝධය දක්වා ඇත්තේ ‘රාජ්පුත්’ හින්දු ජාතිකවාදීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් යැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS