පඩි ඉල්ලා උද්ඝෝෂණ කළ විදෙස් සේවකයින් 49කට සිර දඬුවම්



පොරොන්දු වූ පරිදි සේවක වැටුප් නොගෙව්වාට උද්ඝෝෂණ කළ විදෙස් සේවකයින් 49 දෙනෙනෙකුට එරෙහිව සෞදියේ රියාද් අධිකරණය විසින් මාස හතරක සිර දඬුවම් සහ කස පහර 300 ක් බැගින් ලබා දීමට තීන්දු කර ඇත.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ සෞදියේ බින්ලාදින් සමුහ ව්‍යාපාරයට අයත් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් කර්මාන්ත ශාලාවල සේවය කළ විදෙස් ශ්‍රමිකයින්ට එරෙහිවය.මොවුන් කුමන රටවල් වලින් පැමිණි අයද යන්න රියාද් අධිකරණය විසින් හෙළිදරව්ව කර නොමැති අතර ,අදාළ දඩුවම් අවසන් වීමෙන් පසු ඔවුන් සෞදියෙන් පිටුවහල්කිරීමට නියමිතය.

මෙම සේවකයින් මීට මාස කිහිපයකට පමණ ඉහතදී සිය වැටුප් ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වු අතර එහිදී රජයේ දේපළ වලට අලාභහානි කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් මෙම දඬුවම් නියම කර ඇත.

සෞදියේ බින්ලාදින් සමුහ ව්‍යාපාරය මීට වසර 80 කට පෙර අල් කයිඩා ත්‍රස්ත නායකවරයා ලෙස හුන් ඔසාමා බින් ලාඩන් ගේ පියා විසින් ආරම්භ කරනු ලැබූ සමාගමක් වීමද විශේෂත්වයකි. 

 

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.........


RECOMMEND POSTS