නෝර්වේ ’දුනු ඊතල ප්‍රහාරය’ ත්‍රස්ත ප්‍රහාරයක්



නෝර්වේ රාජ්‍යයේ කුඩා නගරයක දුන් ඊතල යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කළ තැනැත්තා ඩෙන්මාර්ක ජාතික තරුණයකු බවත්, ඔහු ඉස්ලාමීය අන්තවාදියකු බවත් පොලිසිය පවසයි.

තරුණයා එල්ල කළ ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස කස් කිරීමට ද නෝර්වේ රජය මේ වනවිට පියවර ගෙන ඇත.

කොංග්ස්බර්ග් නගරයේ ඇවිද යමින් ඊතල විදීමෙන් මෙම තරුණයා පස් දෙනකු මරා දැමූ අතර තුවාල ලැබූ දෙදෙනකු පසුව රෝහල් ගත කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ප්‍රහාරය එල්ල කිරීම ආරම්භ කර මිනිත්තු 20 ක් ඇතුළත ප්‍රහාරයකා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය කටයුතු කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS