නේපාලයේ රෝගියා සුවවෙලා ගිහිල්ලා



චීනයේ පැතිර යන නව කොරෝනා වයිරසය ආසාදනය වූ 32 හැවිරිදි තරුණයකු ගැන නේපාලයෙන් ද වාර්තා වේ.

මෙම තරුණයා චීනයේ අධ්‍යාපනය හදාරන සිසුවෙකි. ඔහු චීනයේ සිට නේපාලයට පැමිණ ඇත්තේ පසුගිය 9 වැනිදාය. සිවු දිනක් උණ ගැනී සිටි ඔහු හුස්ම ගැනීමහට අපහසු වූ බැවින් රෝහල්ගතව ඇත.

නේපාල වෛද්‍යවරුන් එම සිසුවා වසංගත රෝග නිවාරණ ඒකකයට ඇතුළත් කර තිබේ. තරුණයාගේ රුධිර සාම්පල හොංකොං යවා පරීක්ෂාවට ලක් කළ පසු අනාවරණය වී ඇත්තේ කොරෝනා වයිරසය ශරීරගතව ඇති බවය.

ඉන්පසු දින කීපයක් යද්දී රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව වුණු බවත් තරුණයා රෝහලෙන් පිට කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ බවත් වාර්තා වේ. තරුණයා සහ ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන් ගැන විමසිල්ලෙන් පසුවන බව ද නේපාල සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.

(අල් ජසීරා)


RECOMMEND POSTS