නේපාලයේ මහ මැතිවරණයක්



නේපාලයේ මහ මැතිවරණයක් පැවැත්වෙයි. නේපාල සිවිල් අරගලය නිමා වීමෙන් පසු පැවැත්වෙන පළමු මහ මැතිවරණය මෙයයි.

පාර්ලිමේන්තු සහ පළාත් සභා නියෝජිතයන් 275 දෙනකු තෝරා ගැනීමේ අරමුණින් මැතිවරණය පැවැත්වෙයි.
මිලියන 15 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව නේපාල මැතිවරණ බලධාරීහු කියති.

නේපාලයේ පාලක පක්ෂය වන නේපාල කොංග්‍රසය තරග වදින්නේ මාවෝවාදී දේශපාලන කණ්ඩායම සමඟ සන්ධානගත වෙමිනි. ඔවුන්ගේ ප්‍රතිවාදියා වන්නේ කොමියුනිස්ට් පක්ෂයයි.

අද (26) පැවැත්වෙන්නේ මහ මැතිවරණයේ පළමු අදියරය. දෙවැනි අදියර ලබන දෙසැම්බර් 7 වැනිදා පැවැත්වෙනු ඇතැයි නේපාල පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS