නේපාලයේ බෝම්බයක් පිපිරී තිදෙනෙක් මරුට



දකුණුදිග නේපාලයේ බෝම්බයක් පුපුරා යෑමෙන් පොලිස් නිලධාරියකු ද ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බෝම්බය පුපුරා ගියේ දනූෂා දිස්ත්‍රික්කයේ නිවෙස් පෙළක් ඉදිරියේය. සැකකටයුතු යමක් ඇතැයි නිවෙස් හිමියෙකු පොලිසියට දන්වා ඇත.

ඒ අනුව, නිවසේ හිමිකරු, ඔහුගේ පුතා සහ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය පරීක්ෂා කිරීමට සූදානම් වෙද්දී බෝම්බය පුපුරා ගොස් ඇත. නිවෙස් හිමිකරු සහ පුතා ද බෝම්බයට හසුවූ බව පැවැසෙයි.

පොලිසිය පවසන්නේ එය දුරස්ථ පාලනයෙන් පුපුරුවා හරින ලද බෝම්බයක් බවය. එය මාඕ බෙදුම්වාදී කල්ලියක් විසින් අටවන ලද්දක් යැයි සැක කරේ. බෝම්බය සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පැවැත්වෙයි.

කත්මණ්ඩුහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS