නේපාල ගුවන්තොටුපොළ වසා දැමේ



ගුවන් යානයක් ලිස්සා ගොස් ගුවන් පථයෙන් පිටතට පැන සිදුවුණු අනතුරක් හේතුවෙන් නේපාලයේ එකම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමට බලධාරීන්ට සිදුවිය.

ගුවන් යානය ලිස්සා යෑමෙන් දෙදෙනක් තුවාල ලැබූහ. නේපාල​යේ කත්මණ්ඩු නුවර පිහිටි එරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් පථය ප්‍රතිසංස්කරණය කළේ මීට දින කීපයකට පෙර යැයි ද පැවැසෙයි.

ලිස්සා ගියේ රට අභ්‍යන්තර ගුවන් යානයකි. යානය ලිස්සා අනතුරට පත් වෙද්දී එහි මගීන් 66 දෙනකු සිටි බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති. ගුවන්තොටුපොළ වසා දැමීම හේතුවෙන් බොහෝ දෙනකු දැඩි අපහසුතාවට පත්වුණු බව ද වාර්තා වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS