නේපාල ගුවන් යානයක් හෙලිකොප්ටරයක හැපිලා



නේපාලයේ ලූක්ලා ගුවන්තොටුපොළට ගොඩබෑමට සූදානම් වූ සැහැල්ලු මගී ගුවන් යානයක් ධාවන පථය අසල නවතා තිබූ හෙලිකොප්ටර් දෙකක ගැටීමෙන් අනතුරක් සිදුවිය.

අනතුරින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගියේ ගුවන් යානයේ නියමුවා සහ එක් හෙලිකොප්ටරයක ආරක්ෂාවට රැඳී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු යැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ලූක්ලා ගුවන්තොටුපොළ පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 2845 ක් උසිනි. මෙය ලොව අනතුරුදායක ගුවන්තොටුපොළක් ලෙස සැලකෙයි. සිදුවුණු අනතුරින් තුවාල ලැබූ ගණන 4 කි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS