නිවේදිකාවන් අපහසුතාවයට පත්කර වැඩ වරද්දා ගනි



සජිවී රුපවාහිනි වැඩසටහනක් මෙහෙයවමින් සිටි නිවේදිකාවන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් තම ජංගම දුරකථනයෙන් කතා කල හතලිස් හත්හැවිරිදි ඊජිප්තු ජාතිකයෙකු රියාද් නුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව අල්-රියාද් පුවත්පත වාර්තා කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අදාළ රූපවාහිනි ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා සිද්ධිය සම්බන්ධයෙන් රියාද් පෙලීසියට පැමිණිලි කර ඇති අතර අවිනීත ආකාරයෙන් දුරකථනයෙන් කතා කල පුද්ගලයාව පොලීසිය හඳුනා ගෙන ඇත.

අන්තර්ජාල අපරාධ වැලැක්වීමේ නීතිය යටතේ රියාද් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන නඩු පැවරීම සදහා මහජන නඩු පැවරීම් සහ විමර්ශන කාර්යාංශය වෙතට යොමුකර ඇත.  

තමන් විසින් නිවේදිකාවන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් අවිනීත ලෙස කතා කල බව පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම් වලදී පාපොච්ඡාරණය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS