නිවසක් උඩට ගුවන් යානයක් කඩා වැටිලා



පිලිපීනියේ මැනිලා අගනුවරට නුදුරින් නිවසක් මතට ගුවන් යානයක් කඩා වැටීමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

කඩා වැටී ඇත්තේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් කුඩා ප්‍රමාණයේ ගුවන් යානයකි. එය ‘අපාචි’ වර්ගයේ ගුවන් යානයක් බව ද පැවැසෙයි. අනතුරින් පසු එම ගුවන් සමාගමට අයත් සෙසු ගුවන් යානා සියල්ල අත්හිටුවීමට මැනිලා ගුවන් ගමන් පාලන අධිකාරිය කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

අනතුරට පත් වෙද්දී යානයේ නියමුවා ද සමඟ පස් දෙනෙක් සිට ඇත. ඔවුහු හැමෝම අනතුරින් ජීවිතක්ෂයට පත් වූහ.

මියගිය සෙසු පිරිස නිවසේ පදිංචිකරුවන් යැයි ද මැනිලා පොලිසිය කියයි. නිවසේ සිටි දරුවන් තිදෙනා, ඔවුන්ගේ මව සහ මිත්තණිය මියගොස් ඇති බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS