නිවස ඉදිරිපිට බෝම්බ පිපිරේ



පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ නිවස ආසන්නයේ බෝම්බයක් පුපුරා යෑමෙන් පොලිස් නිලධාරීන් පස් දෙනකු ද ඇතුළු නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 25 කි.

එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව පැවැසෙයි.

බෝම්බය පුපුරා ගොස් ඇත්තේ හිටපු අගමැතිවරයාගේ නිවසට නුදුරින් පිහිටි පොලිස් මුරපොළේය. තුවාල ලැබූවන් 25 දෙනා අතර සිටින 14 දෙනකු ද පොලිස් නිලධාරීන් බව පැවැසෙයි. බෝම්බ ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැති බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS