නිරෝධායන මධ්‍යස්ථානයක ගින්නක්



බංග්ලාදේශයේ ඩකා අගනුවර, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදනය වී ඇතිදැයි සැක පිට පුද්ගලයන් රඳවා තැබෙන නිරෝධායන මධ්‍යස්ථානයක ගින්නක් හටගත්තේය.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය තාවකාලිකව ඉදිකළ කඳවුරක් බව පැවැසෙයි. ගින්නට පස් දෙනෙක් බිලි වූහ. කඳවුර ඉදි කර තිබුණේ ගුල්ෂාන් පළාතේ 'යුනයිටඩ් හොස්පිටල්' රෝහල අසලය.

ගින්න හටගත්තේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා යැයි පොලිසිය පවසයි. ඒ අනුව ගිනි නිවන  භටයන්ගේ ද සහාය ඇතිව විශේෂ විමර්ශනයක් පැවැත්වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS