නිදහසේ ඉන්න රැජිනගෙන් අවසර



බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාර්කෙල් රජ පවුලෙන් ඉවත් වීමට ගෙන ඇති තීරණයට ගරු කරමින්, ඔවුන්ට නිදහස භුක්ති විඳීමට ඉඩදෙන බව දෙවැනි එලිසබත් මහ රැජින පවසා ඇත.

දෙවැනි එලිසබත් මහ රැුජින මෙසේ පැවැසුවේ, මාධ්‍යවෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිණි. ඒ, මහ රැජින ප‍්‍රමුඛ රජ පවුලේ ප‍්‍රධානීන්ගේ එකමුතුවෙන් පැවැත්වුණු තීරණාත්මක සාකච්ඡාවකින් පසුවය.

එම සාකච්ඡා පැවැත්වූයේ රැජිනට අයත් සැන්ඩි‍්‍රන්හැම් මන්දිරයේය. එලිසබත් රැජින, චාල්ස් කුමරු, හැරී කුමරු මෙම සාකච්ඡුාවට එක් වූහ. මෙගාන් සැන්ඩි‍්‍රන්හැම් මන්දිරයට පැමිණියේ නැත. කෙසේ නමුත් ඇය දුරකතනයෙන් සම්බන්ධ කර ගනිමින් ඇගෙන් අදහස් විමසීමක් කළේ යැයි වාර්තා වේ. සාකච්ඡා සඳහා සැන්ඩි‍්‍රන්හැම් මන්දිරයට පැමිනි අවස්ථාවේ, හැරී කුමරු සහ මිත්තණිය දෙවැනි එලිසබත් රැජින අතරේ වෙනම කතාබහක් පැවැත්විණි.

ඒ.එෆ්.පී./ඬේලිමේල්


RECOMMEND POSTS