නිදහස් සැමරුමට ත්‍රස්තයෝ බෝම්බ ගසති



බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර 100 ක් ගතවීම නිමිත්තෙන් ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවර පැවැත්වුණු නිදහස් දින සැමරුම් උළෙලට බෝම්බ ප්‍රහාර එල්ල විය.

ඇෆ්ගන් රජය පවසා ඇත්තේ නිදහස් උළෙල පැවැති ජලල්ලාබාද් නුවර බෝම්බ පිපිරීම් 10 ක් සිදුවුණු බවය.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් බාර ගනු ලැබ නැත. එය තලේබාන් ත්‍රස්තවාදීන්ගේ හෝ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ හෝ සැහැසි ක්‍රියාවක් බව ඇෆ්ගන් රජය කියයි.

කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS