නායකයාගෙන් ඇරැයුමක්



උතුරු කොරියාවේ නිල සංචාරයකට පැමිණෙන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ට ඇරැයුම් කර ඇති බවත්, දකුණු කොරියානු නායකයා එම ආරාධනාව පිළිගෙන ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සීත ඔලිම්පික් උලෙළ මේ වනවිට දකුණු කොරියාවේ දී ආරම්භ වී ඇත. ඒ නිමිත්තෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බාල නැගණිය කිම් ජෝ යංග් දකුණු කොරියාවට පැමිණ සිටින්නීය.

දකුණු කොරියාවේ සොල් අගනුවරදී කිම් ජෝ යංග් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතර හමුවක් පැවැත්විණි.

කිම් ජෝ යංග් දකුණු කොරියාවට පැමිණීමත්, ඇය සහ දකුණු කොරියානු ජනපති හමුවී සාකච්ඡා පැවැත්වීමත් ඓතිහාසික සිදුවීමක් විය. උතුරු කොරියානු පාලක පවුලේ සාමාජිකයකු මේ අයුරින් දකුණු කොරියාවට පැමිණ සිටින්නේ 1950 දශකයේ කොරියානු යුද්ධයෙන් පසුවය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS