නායකයා හමුවන්න ජපන් අගමැති සූදානම්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් එකිනෙනා හමුවී යහපත් සබඳතා ගොඩනැගා ගැනීමත් සමඟ, ජපාන අගමැති ෂෙන්සෝ අබේ ද පවසා ඇත්තේ තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට සූදානම් බවය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට තමන් කැමැත්තෙන් පසුවන බව, ජපාන අගමැති අබේ,  ජපාන විදේශ ඇමැති ටාරෝ කෝනෝ හරහා උතුරු කොරියා විදේශ අමත්‍යාංශයට දැනුම්දීමක් කළේ යැයි ද වාර්තා වේ.

වසර ගණනාවක් තිස්සේ පවතින එදිරිවාදිකම් පසෙකලා, සාකච්ඡා කර අර්බුද විසඳා ගැනීමට ජපන් කොරියන් සමුළුවක් පවත්වමු යැයි ජපාන අගමැති ෂෙන්සෝ අබේ යෝජනා කර ඇති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ලබන ජූලි මාසයේ දී සිංගප්පූරුවේදී ‘ආසියාන්’ සමුළුව පැවැත්වෙයි. ‘ආසියාන්’ සමුළුවට ජපාන අගමැති ෂෙන්සෝ අබේ ද සහභාගී වීමට නියමිතය. එම සමුළුව අතරතුරේ එකිනෙකා හමුවී සාකච්ඡා කරමු යැයි ජපාන අගමැති අබේ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට යෝජනා කර ඇති බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS