නායකයා දෙදින චීනයට



උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අද (19) දෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණියේය.

සාමය වෙනුවෙන් කැප වී සිටින උතුරු කොරියා නායක කිම් ජොන් උන් පසුගිය මාස කිහිපය ඇතුළත චීනයේ සංචාරයක් සඳහා පැමිණි තෙවැනි අවස්ථාව මෙයයි.

උතුරු කොරියා නායකයා සිය විශේෂ ගුවන් යානයෙන් නියෝජිත පිරිසක් ද සමඟ චීනයේ බීජිං ගුවන් තොටුපොළට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේය. උතුරු කොරියාවේ අසල්වැසියා චීනයයි. උතුරු කොරියා නායකයාගේ වෙඩි නොවදින මෝටර් රථය ද ගුවන් යානයෙන් ගෙනැවිත් තිබුණි.

උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල වැඩසටහන මුල්කොට ගනිමින් එරටට ජාත්‍යන්තරයෙන් සම්බාධක පනවා තිබියදී, උතුරු කොරියාව සමීපතම මිතුරා වූයේ චීනයයි. තමන් සාම මාවතට පිවිසී ඇති හෙයින්, තමන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට චීනයේ සහාය ලබා ගැනීම උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අරමුණ වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS