නායක කිම් ජොන් උන්ගේ විශේෂ නියෝජිතයා වියට්නාමයට



උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ නියෝජිත කිම් ජොන් සොන් වියට්නාමයේ හැනොයි අගනුවර බලා පැමිණියේය.

නායක කිම් ජොන් උන්ගේ ඉදුම් හිටුම් සම්බන්ධයෙන් පමණක් නොව, ඔහුට ආහාර පාන සැපැයීම ආදිය සිදුවන්නේ කිම් චැංග් සොන්ගේ අධීක්ෂණය යටතේය. බටහිර මාධ්‍ය කිම් චැංග් සොන් හඳුන්වා දී තිබුණේ කිම් ජොන් උන්ගේ ‘බට්ලර්වරයා’ යන නමිනි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර දෙවැනි හමුව වියට්නාමයේ හැනොයි නුවරදී පැවැත්වෙයි. ඒ, ලබන 27 සහ 28 වැනිදාය.

හමුවට සහභාගීවීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් ලබන 25 වැනිදා හැනොයි බලා පැමිණෙනු ඇත. හමුවට පෙර කිම් ජොන් උන් වියට්නාම රජයේ බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. නායක කිම් ජොන් උන් වියට්නාමයේ සංචාරයකට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

හැනොයිහිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS