න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවතට



න්‍යෂ්ටික මිසයිල පිටුදැකීම සඳහා රුසියාව සමඟ ඇතිකරගෙන තිබූ ඓතිහාසික ගිවිසුමෙන් තමන් ඉවත් වන බව ඇමෙරිකාව පවසා ඇත.

ඇමෙරිකාව මෙම න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන් ඉවත් වන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තීරණයකට අනුව යැයි ද පැවැසෙයි.

ඊට හේතු වී ඇත්තේ රුසියාව එම ගිවිසුම රහසේ උල්ලංඝනය කළ බවට තොරතුරු ලැබී ඇති නිසා යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS