නවසීලන්තයේ ගිනි අවි තහනම්



ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලිවලට එල්ල වුණු ප්‍රහාරයෙන් පසු, හමුදා මාදිලියේ අර්ධ ස්වංක්‍රීය ගිනි අවි විකිණීම සහ භාවිතය නවසීලන්තයේ තහනම් කරමින් නව නීති සකස් කිරීමට එරට අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් ප්‍රමුඛ රජය තීරණය කර තිබේ.

මෙම නව නීතිය ක්‍රියාත්මක වන්නේ ලබන අප්‍රේල් 11 වැනිදා බවත්, දැනට අර්ධ ස්වංක්‍රීය ගිනි අවි ළඟ ඇති පුද්ගලයන්ට ඒවා බාරදීම සඳහා සහන කාලයක් ලබා දෙන බවත් අගමැතිනිය පවසා ඇත.

ඊට අමතරව සාමාන්‍ය ගිනි අවි හමුදා මාදිලියේ අර්ධ ස්වංක්‍රීය ගිනි අවි බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය උපාංග විකිණීම ද තහනම් කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ.

වෙලිංටන්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS