නවසීලන්ත අගමැතිනිය ගැබිනියක්



නවසීලන්ත අගමැතිනී ජැසින්ඩා ඇර්ඩර්න් ගැබිනියක බව නිවේදනය කෙරුණි.

ජැසින්ඩා විවාහක කාන්තාවක නොවන අතර, ඇය ජීවත් වන්නේ ඇගේ සහකරු ක්ලාක් ගේෆර්ඞ් සමඟය.

දරු උපත ලබන ජූනි මාසයේ සිදුවනු ඇතැයි වෛද්‍යවරු පවසා ඇතැයි ද වාර්තා වේ. දරු උපතෙන් පසු, සති 6 ක නිවාඩුවක් ගත කිරීමට අගමැතිනිය සූදානමින් සිටී.

සිය ටිව්ටර් ගිණුම ඔස්සේ අගමැතිනිය මේ බව නිවේදනය කළ අවස්ථාවේදී, ඇයටඑ සහාය පළ කරමින් බොහෝ නවසීලන්ත වැසියන්ගෙන් සුබ පැතුම් ලැබුණැයි ද වාර්තා වේ.

37 හැවිරිදි ජැසින්ඩා ඇර්ඩර්න්, 1856 වසරෙන් පසු නවසීලන්තයේ ළාබාලතම අගමැතිවරිය වන්නීය. ජැසින්ඩා ඇර්ඩර්න් නවසීලන්ත කම්කරු පක්ෂයේ නායිකාව ද වෙයි. ඇය අගමැති ධුරයට පත් වූයේ පසුගිය ඔක්තෝබරයේදීය. ඒ, මධ්‍යම සහ වාමාංශික සන්ධාන රජයක් පිහිටුවමිනි.

(ඒ.එෆ්.පී./රොයිටර්)


RECOMMEND POSTS