නව මැතිවරණ ක‍්‍රමයක්



අපි‍්‍රකාවට අයත් ස්වාසිලන්ත රාජ්‍යයේ, දෙවැනි සවාතී රජු නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වා දී ඇති අතර, එම මැතිවරණ ක‍්‍රමය යටතේ ලබන සැප්තැම්බර් 21 වැනිදා එරට පළමු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණය පැවැත්වෙනු ඇතැයි පැවැසෙයි.

නව මැතිවරණ ක‍්‍රමය යටතේ ඡුන්දය ප‍්‍රකාශ කිරීමට මේ වනවිට ස්වාසිලන්ත වැසියෝ ලක්ෂ 5 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී සිටින බව පැවැසෙයි. පාර්ලිමේන්තුවේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය වෙනුවෙන් සාමාජිකයන් 55 දෙනකු තෝරා ගැනීම මෙහිදී සිදුවෙයි.

සෙනෙට් මණ්ඩලය වෙනුවෙන් තවත් නියෝජිතයන් 10 දෙනකු ද මැතිවරණයෙන් තෝරා ගැනෙයි. තවත් 20 දෙනකු ස්වාසිලන්ත රජු විසින් තෝරා ගනු ලැබෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS