නව අගමැති තෝරාගන්න රැස්වෙයි



පාකිස්තානයේ නව අගමැති තෝරාපත් කර ගැනීම සඳහා පාකිස්තාන ජාතික සභාව හෙවත් එරට පාර්ලිමේන්තුව රැස්විය.

පසුගිය ජූලි 25 වැනිදා පැවැත්වුණු මහ මැතිවරණයෙන් ඉදිරියට පැමිණි තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් නව අගමැතිවරයා ලෙස තෝරා පත් කර ගැනීම සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දී තිබුණාහ.

පසුගිය 25 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් තරුවක ද වන ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂයට ආසන 116 ක් හිමිවිය. රජයක් පිහිටුවීම සඳහා තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය කුඩා දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වී සිටී. ඒ, බහුතර බලය හිමිකර ගැනීමට නොහැකි වුණු නිසාය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS