නරුමයට මරණ දඬුවම



සය හැවිරිදි සයිනාබ් අන්සාරි නමැති දැරිය දූෂණය කළැයි චෝදනා ලැබ වරදකරුවුණු පාකිස්තාන ජාතික ඉම්රාන් අලී නමැත්තාට, එරට අධිකරණය මරණ දඬුවම සිවුවරක් ලබා දුන් බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.

සයිනාබ් අන්සාරි දැරියගේ සිරුර සොයා ගැනුනේ පසුගිය ජනවාරි 9 වැනිදා, ලාහෝරයට දකුණු දෙසින් කසූර් නමැති නගරයේ කුණු වළකිනි. දැරිය දූෂණය කිරීමේ සිද්ධිය පාකිස්තානය කම්පා කිරීමට සමත්විය.

මෙම සිද්ධිය මුල්කොට ගනිමින්, පොලිසිය ජනතාව ආරක්ෂා නොකරන බවටත්, අපරාධකරුවන් ඇල්ලීමට උනන්දුවක් දක්වන්නේ නැති බවටත් චෝදනා කරමින් විරෝධතා පාකිස්තානයේ ප්‍රධාන නගර රැසක පැවැත්විණි. එම විරෝධතා ප්‍රචණ්ඩකාරී වීමත් සමඟ ඊට එක්වුණු විරෝධතාකරුවෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට ද පත් වූහ.

ඉම්රාන් අලී  නමැත්තා මීට පෙර ද මේ අයුරින් දැරියන් කිහිප දෙනකු දූෂණය කර මරා දමා ඇති බව පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS