නයිජීරියාවේ දේශපාලන රැළියක තෙරැපීමක්



නයිජීරියාවේ ජනාධිපති මුහම්මදූ බුහාරිගේ ප්‍රගතශීලී පක්ෂයේ ජන රැළියක සිදුවුණු තෙරපීමක් හේතුවෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 30 කි.

ජන රැළිය පැවැත්වූයේ නයිජීරියාවේ තෙල් නිෂ්පාදන කටයුතු බහුලව සිදුවන හාකෝට් වරාය නගරයේය. නයිජීරියාවේ ජනාධිපතිවරණය ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය. ජන රැළිය පැවැත්වූයේ ඒ අනුවය.

පෝට් හාකෝට් (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS