නංගිට බලතල දෙයි



මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් ලොව කාගේත් අවධානයට ලක් වී සිටින උතුරු කොරියාවේ උත්තරීතර නායක කිම් ජොන් උන්, සිය නැගණිය කිම් ජෝ යොංග් ට වැඩි බලතල පැවැරීමට තීරණය කර ඇතැයි උතුරු කොරියානු පුවත් සේවා වාර්තා කරයි.

උත්තරීතර නායක කිම් ජොන් උන්ගේ ප්‍රධානත්වයෙන් උතුරු කොරියානු පාලක පක්ෂය වන ‘කම්කරු පක්ෂ’ පක්ෂයේ මහා මණ්ඩල සැසිය ඉකුත් සෙනසුරාදා (7) පැවැත්විණි. එහිදී රජයේ තීන්දු තීරණ ගන්නා ඉහළ නිලධාරීන්ගේ සංශෝධන රැසක් ද සිදුවිය.

එම අවස්ථාවේදී උතුරු කොරියාවට වැදගත් වන දේශපාලනික තීන්දු තීරණ ගැනීම පැවැරුණේ 30 හැවිරිදි කිම් ජෝ යොංග් ටය. මීට පෙර මෙම ධුරය හෙබවූයේ උතුරු කොරියානු නායන කිම් ජොන් උන්ගේ ලොකු අම්මා කෙනකුට යැයි ද පැවැසෙයි.

ඒ අනුව ‘කිම්’ පවුලේ පාලනය, උතුරු කොරියාවේ බලය අත්පත් කරගෙන සිටින බව පෙන්වීමට නායක කිම් ජොන් උන්ට හැකියාව ලැබුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, 1948 වසරේ සිට, උතුරු කොරියාව පාලනය කරනු ලබන්නේ කිම් ජොන් උන්ගේ ‘කිම්’ පවුලේ සාමාජිකයන් විසිනි.

කිම් ජෝ යොංග්, සිය වැඩිමල් සොයුරා මෙන්ම උත්තරීතර නායකයා ද වන කිම් ජොන් උන් සමඟ සමීපයෙන් කටයුතු කරන තැනැත්තියක බව පැවැසෙයි. කිම් ජොන් උන් සේම කිම් ජෝ යොංග් ද දළදඬු තීරණ ගන්නා ‘හිතුවක්කාර’ නැනැත්තියක බව ඇමෙරිකා බුද්ධි අංශ කියයි. කිම් ජොන් උන් ගන්නා සෑම තීරණයකදීම තිරයෙන් පසුපස සිටින තැනැත්තිය වන්නේ මැය යැයි ද පැවැසෙයි.

උතුරු කොරියාවේ සිදුවන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කිම් ජෝ යොංග්ට ද චෝදනා එල්ල වී ඇත. එම චෝදනා මුල්කොට ගනිමින් කිම් ජෝ යොංග් ‘බ්ලැක් ලිස්ට්’ කිරීමට ද ඇමෙරිකන් රජය පියවර ගෙන ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS