ධවල මන්දිරයට විස ලිපියක් ලැබිලා



රිසින් නමැති උග්‍ර විස කුඩු අඩංගු ලියුමක් ධවල මන්දිරයට ලැබී ඇති බවත්, ජනපති ආරක්ෂක අංශය එය විස අඩංගු ලියුමක් බව හඳුනා ගැනීමට සමත් වූ බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

රිසින් අඩංගු මෙම ලියුම ධවල මන්දිරයට එවා ඇත්තේ කැනඩාවේ සිට යැයි ද පැවැසෙයි. ඒ, සාමාන්‍ය තැපැල් සේවාව හරහාය.

ලියුම සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක අංශයත්, එෆ්.බී.අයි. කාර්යාංශයත් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත සහ සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS