ධවල මන්දිරය ඉදිරිපිට වෙඩි තැබීමක්



ධවල මන්දිරය ඉදිරිපිටදී පුද්ගලයකු වෙඩි තබා ගෙන දිවි නසා ගත් බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

මෙම පුද්ගලයා පෙන්සිල්වේනියා වීදිය දෙසින් ධවල මන්දිරයේ වැට අසලට පැමිණ ඇත. ඒ, ඊයේ සවස 3 ට පමණය. සඟවා ගෙන ආ පිස්තෝලයක් එළියටගෙන එයින් අහසට වෙඩි තැබීමෙන් පසු ඔහු හිසට වෙඩි තබා ගත් බව සිද්ධිය දුටුවෝ පවසති.

එම අවස්ථාවේ පෙන්සිල්වේනියා වීදිය ජනතාවගෙන් පිරී පැවැතිණි. වෙඩි තැබීමත් සමඟ මහ කලබලයක් හටගත් බවත් පිරිස් හිස් ලූලූ අත දිවයන්න වුණු බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

දිවි නසා ගත් එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් මාධ්‍ය වෙත ප්‍රසිද්ධියට පත් කර නැති බව ද වාර්තාවේ.

ජනපති ආරක්ෂක සේවය හෙවත් සීක්‍රට් සර්විස් සහ ඇමෙරිකන් එෆ්.බී.අයි. පරීක්ෂකයන් ද පොලිසිය සමඟ පරීක්ෂණ සඳහා එක් වී සිටින බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS