දෙන්නට දෙන්න ඇරැයුම් කරලා



සාකච්ඡා සාර්ථක වීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට ඇමෙරිකාවට පැමිණෙන්නැයි ආරාධනා කර ඇති බවත්, උතුරු කොරියා නායකයා ට්‍රම්ප්ට උතුරු කොරියාවට පැමිණෙන්නැයි ආරාධනා කර ඇති බවත් වාර්තා වේ.

ඊයේ (12) සිංගප්පූරුවේදී පැවැති සාකච්ඡා සාර්ථක වුණු අතර, අත්සන් කළ ගිවිසුම්වලට අනුව න්‍යෂ්ටික අවි පැහැර කිරීමට උතුරු කොරියාව කැමත්ත පළ කර ඇත.

උතුරු කොරියාව එසේ කරන්නේ නම්, ඇමෙරිකාව උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.
තමන් ද උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට සූදානමින් සිටිනවා යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS