දුර්ලභ කැස්බෑවෝ 300 ක් මැරිලා



මියගිය කැස්බෑවන් 300 දෙනකු දකුණු දිග මෙක්සිකෝ වෙරළ තීරයට ගොඩ ගසා ඇතැයි මෙක්සිකෝ බලධාරීහු කියති.

මියගිය කැස්බෑවන් 300 දෙනා ඉතා දුර්ලභ ගණයේ කැස්බෑවන් යැයි මෙක්සිකෝ වන ජීවීහු පවසති. මොවුන් ඔලිව් රිඞ්ලි නමින් හැඳින්වෙන කැස්බෑවන් බව ද පැවැසෙයි.

කැස්බෑවන් එක පොදියට මෙසේ මියගියේ ඇයිදැයි සොයා බැලීමට පරීක්ෂණයක් පවත්වා ඇති බව සත්ව සුරැකීමේ සංවිධාන පවසා ඇත.

(එන්.ඞී.ටීවී.)

 


RECOMMEND POSTS