දිල්ලියේ කොරෝනා මරණ 1,000 ක් අතුරුදන්



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කොරෝනා ආසාදතය වී මියගිය දහසකට වැඩි දෙනකුගේ විස්තර, කොරෝනා මරණ ලැයිස්තුවට ඇතුළත් කර නොමැති බවත්, නවදිල්ලියේ කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ අගයක් ගන්නා බවත් එන්.ඩී.ටීවී. පුවත් නාළිකාව පෙන්වා දෙයි.

එන්.ඩී.ටීවී. පුවත් නාළිකාවට අනුව, කොරෝනා ආසාදනය වී මියගිය 1,150 දෙනකු කොරෝනා මරණ ලැයිස්තුවට ඇතුළත් කර නැතැයි පැවැසෙන්නේ බලධාරීන් ඒ ගැන නොසලකා හැර ඇති බැවින් යැයි ද එන්.ඩී.ටීවී. පුවත් නාළිකාව පැහැදිලි කර තිබේ.

මේ අතර ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආදාහනාගාර මියගිය කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවත්, ආදාහනාගාරවල මළසිරුරු මිහිදන් කිරීමට පවා ඉඩක් සොයාගත නොහැකි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS