දිල්ලි හෝටලයේ ගින්නට 17 ක් බිලි



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර හෝටලයක හටගත් ගින්නකට 17 දෙනෙක් බිලි වූහ. ගින්න හටගත් ‘ආපිට් පැලස්’ නමැති එම හෝටලය මිල අඩු එකක් බව ද පැවැසෙයි.

මියගිය 17 දෙනා අතර කුඩා දරුවකු සහ මවක සිටින බව ද රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ගින්න හටගත් අවස්ථාවේදී, මව දරුවා ද සමඟ හෝටලයේ ඉහළ මහලේ සිට බිමට පැන ඇත.

ගින්න හට ගත් අවස්ථාවේදී ගිනි නිවන හමුදා භටයන් කඩිනමින් හෝටලයට පැමිණ ඇතුළේ සිරවී සිටි 35 දෙනකු මුදාගත් බව ද ඉන්දීය පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS